Monday, November 21, 2011

Happy B'Day Nipzzzz....

ඔන්න එහෙනම්  NIBMgossip එකට ලැබුනු පලවෙනි  News එක. බොහේම සතුටු හිතෙන News එකක් තමයි ඉස්ඉස්සෙල්ලාම කියන්න තියෙන්නෙ. අද NIBM එකේ තිබුනළු පොඩි B'Day Party එකක්. මේ.. පොඩියි කිව්වට පොඩිමත් නෑ..11.1 DCSD Batch එකේ ඔක්කෝමල වගේ සහභාගි උනාලු මේ වැඩේට.අපිටත් ඉතින් බොහොම සංතෝසයි ඉස්ඉස්සෙල්ලාම මේ NIBMgossip blog එකෙන් මේ වගේ B'Day එකකට wish කරන්න ලැබුනු එක. අලේ...තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඔක්කොම කිව්වා කාගෙද මේ B'Day එක කියල කිව්වෙ නෑනේ. අපිට ආරංචි වුනු හැටියට නම් 11.1 DCSD Batch එකේ Nipz Hewage සහෝදරයගෙ තමයි මේ B'Day Party එක.ඉතින් අපි හැමෝම NIBMgossipවෙනුවෙන් Nipz Hewage සහෝදරයට උණුසුම් සුභ පැතුම් පිරිනමනවා...Happy Birthday Nipzzz...!!

Sunday, November 20, 2011

මේ ඇරඹුමයි....

ජාතික ව්‍යාපාර කලමනාකාරීත්ව ආයතනයේ ඉ‍ගෙනුම ලබන ශිෂ්‍යයන් විදිහට අපට ඇතිවුනු අදහසක් ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම blog එක හුදෙක් මෙහි ඉගනුම ලබන අප සියල්ලන්ගේම විනෝදාත්මක,අහඹු සිදුවීම් අරඹයා නිර්මාණය කරන ලද්දකි.මෙතැන් පටන් NIBMහි ඉගනුම ලබන සියල්ලන්ටම මෙය විවෘත වන අතර අධ්‍යාපනික,විනෝදාත්මක ඕනෑම දෙයක් අප e-mail ලිපිනයට එවිය හැක. එසේ එවන සියල්ල මෙහි admin නිරීක්ෂණය කර වැදගත්, සුදුසු ඒවා පමණක් ප්‍රසිද්ධ කරනු ලැබේ.තවද වැරදීමකින් හෝ මෙහි පලවන කිසිවකින් යම අයෙකු අපහසුතාවයට පත්වන්නේ නම් වහාම ඒ පිළිබදව අපට දැනුම් දෙන මෙන් ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිමු.එවිට වහාම ඒ පිළිබදව අපි ක්‍රියාත්මක වන අතර එවැනි තොරතුරු ලබාදෙන්නන් පීළිබදවද දැඩි ක්‍රියාමාර්ග ගන්නෙමු.

 මෙහි යම් වෙනසක් සිදුකලයුතුනම්, තව අළුත් දේවල් මෙයට එක් කල යුතුනම් ඒ සදහා වූ ඔබගේ යෝජනාද අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නෙමු.එසේම මෙය හුදෙක් පටු වාසි තකා ක්‍රියාත්මක නොවන්නක් බවත්, එවැනි අදහසකින් මෙහි නොපැමිණෙන ලෙසත් අවධාරනය කර සිටිමු.අධ්‍යාපනයෙන් හෙම්බත් වී සිටින මොහොතක යම් මානසික සහනයකට, අළුත් දෙයක් ඉගනීමට, තමන් ඉගනගත් අළුත් දෙයක් තවත් කෙනෙකුට කියා දීමට කැමති ඔබ සැමව අපි NIBMgossip වෙත සාදරයෙන් පිළිගන්නෙමු.